වෙසක්!



             හෙට උදාවෙන වෙසක් පෝය බෞද්ධ අපි හැමෝටම ඉතාමත් වැදගත් දිනයක්.ඒගැන ඉතිං මං විශේෂයෙන් කියන්න ඕන නැහැනේ.ඒත් ඒවගේ විශේෂ දවසකටවත් පන්සලකට ගොඩවෙලා මලක් පහනක් පූජා කරලා බුදුගුණ සිහි කරන්නේ අපි කීයෙන් කීදෙනාද?ඔබ සමහරවිට කියයි අපි නම් හැම පෝයටම අනිවාර්යයෙන්ම පන්සල් යනවා කියලා ඒත් දැන් වැඩි පිරිසක් එදාට තමයි විනෝද ගමන් යොදාගන්නේ.එහෙම ගමනක් යොදාගෙන සිද්ධස්ථාන වැදපුදා ගන්නවා වෙනුවට බොහෝමයක් දෙනා සිදුකරන්නේ විකාර සිංදු කියමින් මත්පැන් සාද පවත්වමින් බාල බොලද සතුටක් ලබාගැනීමයි.පොඩ්ඩක් හිතන්න මුස්ලිම් බැතිමතුන්,කතෝලික බැතිමතුන් ඔවුන් ඔවුන්ගේ ආගමික වතාවත් වලට කොපමන ගෞරව කරනවද,ඒත් අපි?හිතන්න,අපි අපේ ආගමට අඩුම තරමින් හරියට ගෞරව වත් කරනවද කියලා.ඔයාලත් බොහෝවිට යාළුවොත් එක්ක කයියට වැටුණාම ඔය වල් පල් කථා අතර පොඩි පොඩි විහිළු කථා එහෙමත් කියන්න ඇති කල්පනා කරලා බලන්න ඔය අතර බුදු දහමට සම්බන්ධ ගාථා පාඨ,බුද්ධ චරිතය,සංඝයා වහන්සේලා සම්බන්ධ විහිළු කථා නම් කීයක් තිබුනද.ඔබ ඒවට යාළුවොත් එක්ක එකතුවෙලා කොච්චරනම් හිනා වුනාද කියලා.ඒත් ඔබ අහල තියෙනවද වෙනත් ආගමක කෙනෙක් ඔවුන්ගේ ආගමික නායකයින්ට වචනයකින් හරි විහිළුවක් කරනවා.ඔබ ඔබටම සහතික වෙන්න හෙටින් උදාවෙන මේ උතුම් වෙසක් පෝය දිනය පටන් නැවත කිසි දිනෙක තම ආගමට නිගරු වන ලෙස ඔබේ වචන පාවිච්චි නොකරන ලෙස එවිට ඔබ මේ වෙසක් දිනය නියම බෞද්ධයකු ලෙස සැමරූ බවට සුන්දර මතකයක් ඔබගේ ජීවිතයේ සදාකාලික සිහිවටනයක් ලෙස සනිටුහන් වේවි.
                                    ඔබට තෙරුවන් සරණයි!!!

හිතවතීගේ ඇරඹුම!

හැමෝටම ආයුබෝවන්,
          මාස දහයක් පුරාවට අනුන්ගේ බ්ලොග් කියවපු මට තමන්ටම කියලා බ්ලොග් එකක් හදාගන්න කියලා උනන්දු කරපු අශාන් අයියටත්(ashanslife.blogspot.com)බ්ලොග් එකක් හදාගන්න උදවු කරපු තිසර සර්ටත්(thisaraps.blogspot.com)මුලින්ම ස්තූති කරන අතර මේ බ්ලොග් එකෙන් අපි හැමෝටම වැදගත් වෙන යමක් අරගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා.